Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා සිය කාර්යාංශයේ මධ්‍යස්ථානවලට අයත් නොවන මධ්‍යස්ථානවල පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා යොමු නොකරන ලෙස පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය අදාළ බලධාරීන්ට දන්වා ඇත.
රජය විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දෙපිරිසක් අතර පසුගිය ජනවාරි 12 වැනිදා ඇති වූ ගැටුමකදී රැඳවියන් 40ක් පමණ පළාගොස් තිබිණි.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි The Morning වෙත පවසා ඇති පරිදි, පසුව ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බලධාරීන්ට භාර වී තිබේ.
මේ පසුබිම යටතේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ ඇති වන ගැටුම් වැළැක්වීමට පියවර රැසක් ගෙන ඇති බවත්, ඒ සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල අරමුණු පිළිබඳව සළකා බලන ලෙස කාර්යාංශය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.
“මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. අප මෙහි පැමිණ සිටින්නේ සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පුනරුත්ථාපනය කිරීමට නොවේ, එය අපට කළ නොහැකි දෙයක්” බව ඔහු පැවසීය.
ඇතැම් අදාළ නොවන පුද්ගලයන් අවස්ථා දෙක තුනකට වඩා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත්, ඔවුන්ගෙන් ඇතැමකුට එරෙහිව අධිකරණමය නඩු 20කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යළි අවධාරණය කළේය.
“යමෙකු නැවත නැවතත් ඔහුගේ/ඇයගේ ඇබ්බැහිවීම්වලට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි එවන්නේනම් නම් මිස එසේ නොවන පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත නොයවන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙහි අපි කිසිවකු කූඩුවල කොටුකර තබා ගන්නේ නැහැ. අපගේ ප්‍රධාන අවධානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීමයි. බරපතළ වැරදි ඇති අය මධ්‍යස්ථාන තුළ බොහෝ අවුල් ඇති කරනවා. අපි මුලින්ම මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල අරමුණු තේරුම් ගත යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඵලදායිතාව සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය ඔවුන් අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා හොඳ බලපෑමක් ඇති කරන්නේ අදාළ පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළහොත් පමණක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙවැනි ක්‍රියාමාර්ග සමස්ත පුනරුත්ථාපන ක්‍රියාවලියට සහ එම ආයතනවල අරමුණුවලට බාධාවක් වන බැවින් බරපතළ වැරදි ඇති පුද්ගලයන් මෙම මධ්‍යස්ථාන වෙත නොයැවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart