53.84%
19.85%
20.11%
January 31, 2024

මුත්තයියා මුරලිදරන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස හැඳින්වීමේ අයිතිය ලබාගෙන ඇත.

සමහර ඕස්ට්‍රේලියානුවන් එම ප්‍රකාශය සමඟ එකඟ නොවනු ඇත.

එහෙත් සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම ඉන්ද්‍රජාලික දඟපන්දු යවන්නාට ළංවීමට කිසිවකුටත් හැකි නොවනු ඇත.

ඉංග්‍රීසි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් වයස අවුරුදු 50 සම්පූර්ණවීමට පෙර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තද, මුරලිදරන්ගේ කඩුලු 800 වාර්තාව එලෙසම පැවතීමට හොඳ අවස්ථාවක් තිබේ.

මුරලිදරන් 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනූ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙක් විය.

ඔහු 2007, 2009 සහ 2011 වසරවල අනුශූරයන් වූ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ පන්දු යැවීමේ අංශයෙන් ඔහු ශ්‍රී ලංකාවට උරදුන් බව කීම සාධාරණය.

මුරලිදරන්ට පසුව ශ්‍රී ලංකාව බිහිකළ හොඳම දඟපන්දු යවන්නා වන්නේ වමතින් දඟ පන්දු යවන රංගන හේරත් වුවත් කිසියම් හේතුවක් නිසා මේ දෙදෙනා බොහෝ තරග සඳහා එකට ක්‍රීඩා කළේ නැත.

වසර ගණනාවක් පුරා මුරලිදරන්ට කුමාර් ධර්මසේන, උපුල් චන්දන, මාලිංග බණ්ඩාර සහ අජන්ත මෙන්ඩිස් වැනි දඟපන්දු යවන්නන්ගේ සහාය හිමිවිය.

ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය වන විට බොහෝදෙනෙකු සිතුවේ සුරාජ් රන්දිව් ඔහුගේ ආදේශකය බවට පත්වනු ඇති බවයි.

අවාසනාවන්ත ලෙස එය සිදුවූයේ නැත.

අනෙක් අතට, දෙවැනි දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමේ වැඩි දුරක් නොතිබීමට තවත් හේතුවක් වූයේ ශ්‍රී ලංකාවට සෑම විටම දක්ෂ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, ටී.එම්.ඩිල්ෂාන්, අරවින්ද ද සිල්වා වැනි ක්‍රීඩකයන් සිටීමය.

රංගන හේරත්ට සහ දිල්රුවන් පෙරේරාට ටික කාලයක් ටෙස්ට් පිටියේ එකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබිණි.

කෙසේවෙතත් වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමට වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ යන දඟ පන්දු යවන්නන් දෙදෙනකු එකවර සිටින්නේ පළමු වතාවටය.

පසුගිය වසර කිහිපය තුළ සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම දඟ පන්දු යුගලය සුවිශේෂී විය.

ඔවුන්ගේ සාර්ථක හවුල්කාරිත්වයේ එක් ප්‍රධාන අංගයක් වන්නේ ඔවුන් එකිනෙකාට වෙනස්වීමයි.

හසරංග මාරාන්තික ගූග්ලි පන්දුව ක්‍රීඩාවට ගෙන එන අතරේ පන්දුව පියාසර කර පිතිකරුවන්ට තමා පසුපස යන ලෙස ආරාධනා කරයි.

අනෙක් අතට තීක්ෂණ නිතරම බලන්නේ පිතිකරුවන් මත පීඩනය පවත්වා ගැනීමටය.

ඔවුන්ගේ විලාසය කුමක් වුවත්, ඔවුන් දෙදෙනාම අති දක්ෂයන් වී ඇති අතර තීක්ෂණ T 20 ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත් හසරංග සිව්වැනි ස්ථානයටත් පත්විය.

අවාසනාවකට, ICC ලෝක කුසලාන තරඟාවලියකදී අවම වශයෙන් අවසන් තරඟයකට පැමිණීම සඳහා සැළකිව යුතු බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි වුවද පසුගිය වසරේ සිම්බාබ්වේහිදී මිකී මවුස් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීමට ඔවුහු සමත්වූහ.

හිටපු ප්‍රධාන තේරීම් කමිටු ප්‍රොමෝද්‍ය වික්‍රමසිංහ එම ජයග්‍රහණය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වඩා විශාල ජයග්‍රහණයක් ලෙස උත්කර්ෂයට නැංවීය.

හසරංග සහ තීක්ෂණ වෙන්දේසි පදනම් කරගත් ක්‍රිකට් තරඟාවලි මෙන්ම දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අන්තර්ජාතික ලීග් T 20 තරඟාවලියට පිළිවෙළින් ඩෙසර්ට් වයිපර්ස් සහ සාජා වොරියර්ස් නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වා ඇත.

ඔවුන් දෙදෙනාම තවමත් සාපේක්ෂව තරුණය.

එයින් අදහස් කරන්නේ ඔවුන්ට අවම වශයෙන් තවත් වසර දහයක් ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නන් ඔවුන්ගේ බූට් සපත්තු පැත්තකින් තැබීමට පෙර ඔවුන් ලෝක කුසලානයකට අත තබනු දැකීම ශ්‍රී ලංකා රසිකයන්ගේ දැඩි අපේක්ෂාවකි.

53.84%
19.85%
20.11%