Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා බනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් බව නොරහසකි. මේ වන විට මෙම ආයතනයේ ප්‍රබල ක්‍රියාකාරී වෘත්තීය සමිතියක් විසින් ආයතනයේ ක්‍රියාකාරී පිළිවෙත සම්බන්ධයෙන් පවතින නෛතික තත්වයන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් සොයාබලමින් කටයුතු කරන බව අප වෙත වාර්තාවී ඇත. මෙම සමාගම රජය සතු ව්‍යාපාර කරන සමාගමක් ද එසේත් නොමැති නම් පෞද්ගලික අභිමතය පරිදි ක්‍රියාත්මක සමාගමක් ද යන්න පිළිබඳව සහ මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගන්නා වූ තීරණ නීත්‍යානුකූලව ක්‍රියාවට නැංවීමට ස්වාධීනව කටයුතු කිරීමට ලංකා ඛනිජ තතෙල් නීතිගත සංස්ථාවට වගකියන ආයතනයක් ද යන්න නිර්වචනය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සමගද ලිපි හුවමාරු කර ගනිමින් නිර්වචනයන් අපේක්ෂාවෙන් සිටින බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
එය කෙසේවෙතත් අපේ මාතෘකාව වෙත ගමන් කිරීමේදී, අපට ආයතනයේ අභ්‍යන්තරික ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ, අප වෙබ් අඩවිය මගින් ද වාර්තා කළ පුවත් දෙකක් සම්බන්ධයෙන් ආයතනයේ පාලන අධිකාරිය විනය බලධරයා ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව සේවකයන් ඉතා වික්ෂිප්තව සහ කණගාටුවෙන් පසුවන බවයි. සේවකයන් පවසන්නේ, වැඩකරන සේවකයාට පමණක් ආයතනයේ විනයානුකූලව කටයුතු කරන අතර වර්තමාන ඉහළ කළමනාකාරීත්වය ඉහළ නිලධාරීන් කරන වැරදිවලට කල්මරමින් ඔවුන්ගේ වංචාවන් දූෂණයන් යටගසමින් නීතිය ක්‍රියාත්මක නොකරන බව සහ විනයානුකූලව කටයුතු නොකරන බවයි.
සේවකයන් පවසන්නේ, ඉකුත් දිනක දුම්රිය බෝගි සඳහා ගුවන්තෙල් පිරවුම් කිරීමේදී ගුවන් තෙල් උතුරා යෑමක් සිදුවූ බවත්, එමගින් ආයතනයට අලාභදායී තත්ත්වයක් ඇතිවූ බවත් පිළිගන්නා බවත් ඊට සම්බන්ධ වැඩමුරයේ කටයුතු කළ සහකාර වැඩ නායකවරයා සහ වැඩ මූලිකවරයා දැනට කඩිනමින් වැඩ තහනම් කර ඇති බවයි.
මීට සෘජුව සම්බන්ධ වැඩමුරයේ තෙල් පිරවුම්කරුවන් දෙදෙනෙකුට එරෙහිව පියවර ගතයුතු වුවත්, ආණ්ඩුවට සම්බන්ධ එක්තරා වෘත්තීය සමීති යක බලපෑම් මත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ඉහළ කළමනාකාරීත්වය නිවැරදි සොයාබැලීමක් සිදුනොකර අදාළ සේවාවන්වලට සම්බන්ධතාවයක් නොමැති වැඩ මූලිකවරයකු වැඩ තහනමට ලක්කිරීම බලවත් කණගාටුවට කරුණක් බව සේවකයෝ පවසති.
අව්වැසි නොතකා විෂ සහිත තෙල් පිරවුම් කටයුතුවල සේවය නිරතව සිටින වැඩ කරන සේවකයන්ට පමණක් යුහුසුලූව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ ඉහල බලධරයන් වායු සමනය කර ඇති කාමරවල සිට ගන්නා වූ තීරණ ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බව ඔවුහු පෙන්වාදෙති.
ඊට අදාළව උදාහරණ ලෙස සේවකයන් පෙන්වාදෙන්නේ, තෙල් නැව් ගොඩබෑමේදී භාවිතයට ගන්නා එක වතාවක් හෝ මුහුදේ අදාළ සේවාවන්වලට යොදා නොගත් රුපියල් ලක්ෂ 160 ,170ක් පමණ වටිනා නැව් කඹය ගොඩබිමදී කොටසක් කපා අලාභ කිරීම පිළිබඳව නීතිය විනය ක්‍රියාත්මක කිරීම මන්දගාමීව සිදුකරන බවයි.
පාර්ලිමේන්තුවේ පවා මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර රස පරීක්ෂකවරයා කැඳවා වාර්තාවක්ද ලබාගෙන ඇති අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් විනය නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ කවදාද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.
එසේම අංක 18 ටැංකියේ ඉන්දියානු තෙල් සමාගමට අයත් පෙට්‍රල් තොග ගොඩබෑමේදී ප්‍රමාණයට වඩා ධාරිතාවක් අංක 18 ටැංකියට ගොඩබෑම් සිදුකිරීම සම්බන්ධයෙන් වන විමර්ශන කමිටු වාර්තාව යටගසා ඇති බවද වාර්තා වේ.
වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙම කමිටුව පත් කළ අතර මෙම කමිටු වාර්තාවට අදාළව විනය පියවර අලාභ පියවා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න බරපතල කරුණකි.
එසේම පරිගණක ඉංජිනේරුවරයකුගේ සේවය හැරයෑමෙන් පසුව මාස දෙකක පමණ වැටුප සේවය හැර ගිය සේවකයාගේ ගිණුමට දෙවතාවක්ම බැරවීම සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන කටයුතු කිරීමද පාලනාධිකාරිය විසින් නොසළකා ඇති කාරණයකි.
අව්වේ වැස්සේ දහඩිය මුගුරු හෙළමින් සේවය කරන තෙල් පුරවන සේවකයන්ට පමණක් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන පාලනාධිකාරිය සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයාට වායු සමීකරණය තුළ සිට සේවය හැර ගිය ඉංජිනේරුවරුන්ට වැටුප් ගෙවන නිලධාරීන්ට එරෙහිව විනය නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ කශේරුකාවක් නොමැති ද සේවකයෝ වැඩිදුරටත් ප්‍රශ්න කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart