January 30, 2024

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇමැති කාර්යාලයේ තිබී භාරයට ගත් කැබිනට් සංදේශවල කිසිදු කාර්ය්‍ය සටහනක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ලගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් භාරයට ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය්‍ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිදු කාර්ය්‍ය සටහනක් නොමැතිවීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාහු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇමැති කාර්යාලයේ තිබී රහස් පොලිස් භාරයට ගත් 2022 මැයි 30” 2022 සැප්තැම්බර් 27” 2022 ඔක්තෝම්බර් 25 සහ 2022 දෙසැම්බර් 05 වැනිදාතමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිදු කාර්ය සටහනක් නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනනු ලැබු අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාතංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපිගොනු රහස් පොලිසියට භාරදීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අමාත්‍යංශ ලේකම් සමන් රත්නායකට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට භාරදී තිබිණී.

එලෙස භාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු කා සටහනක් අඩංගුවී නොමැති බව හෙළිවීම නිසා රහස් පොලිසිය මේ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.(අද)

42.31%
17.27%
32.76%