January 29, 2024

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවූ ‘ලොරේන්සෝ පුතා 04’ නම් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ධීවරයින් 06 දෙනකු සමඟ පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ‘ලොරේන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව පසුගිය සෙනසුරාදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබිණි.

42.31%
17.27%
32.76%