January 29, 2024

පසුගිය දිනක මුහුදේ කිඹුලකු හමුවීම හේතුවෙන් වැල්ලවත්ත වෙරළ තීරයට පැමිණෙන පුද්ගලයන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

මෙම කිඹුලා සමබන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අනතුරු ඇඟවීමේ පුවරුවක් වෙරළ තීරයේ දක්නට ලැබේ.

පාසල් නිවාඩුව හේතුවෙන් ජනතාව විශාල වශයෙන් මුහුදු වෙරළට පැමිණෙමින් සිටින බව පොලිසිය පවසයි.

ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් යොදවා ඇත.

42.31%
17.27%
32.76%