January 29, 2024

පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 25කින් වැඩි කිරීම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදන බදු ආදායම ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නමයේ දී රුපියල් බිලයන 72.3 දක්වා සියයට 97.1කින් සැළකිව යුතු ලෙස වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ පළමු මාස නවයේදී ඛනිජතෙල් නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 36.7ක් වූ අතර, එයට සාපේක්ෂව 2023 වර්ෂයේ මෙම කාලසීමාවේදී බදු ආදායම සියයට 97.1කින් වැඩි වී ඇත.

2023 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් මත අයකරන බදු මුදල රුපියල් 25 දක්වා වැඩිකර ඇත.

නැවත වතාවක් මෙකී බදු මුදල 2023 වර්ෂයේ ජුනි මස සිට රුපියල් 25කින් වැඩිකිරීමට පියවර ගෙන තිබේ.(දිවයින)

42.31%
17.27%
32.76%