Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත්, පැවසේ.
වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වාදෙති.
ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පවසා තිබේ.
මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය.
රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන්කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවා ඇත.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප පුවත්පත’ පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර, මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මන්ත්‍රී සේවා අංශයට පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
මේ අතර, අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගීවීමද සීමාකර ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයිද දැනගන්නට ඇත.
ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වේ.
මේ අතර, මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයිද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart