January 28, 2024

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩාහි බලතල, කාර්‍ය්යන් සහ රාජකාරි ඉටු කිරීම සඳහා පත්කරන ලද අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු පියවර ගෙන ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් 2023 ජුලි 28 දිනැති හා අගෝස්තු 09 වැනි දිනැති නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍ර වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමැතිවරයා අවලංගු කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝග ප්‍රකාරව ඉහත ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනයන්හි ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල නිල කාලය අවසන් වී නැවත නිලවරණය පවත්වන තෙක් මීට පෙර පැවැති නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය වෙත එකී සංගමයේ/ සම්මේලනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා බලය පවරා ඇත.

42.31%
17.27%
32.76%