January 28, 2024

මින්නේරිය සීපුර ඉසුරුසුමන විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරයෙහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවෙහි තිබූ තනි රනින් නිමකරන ලද ඌර්ණ රෝම ධාතුව කිසිවකු පෙරේදා (25) සොරකම් කර ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

සොරකම් කරන ලද ඌර්ණ රෝම ධාතුවෙහි වටිනාකම රුපියල් 174,500ක් පමණ වන බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය දියණියට පිං පිණිස ඔහුගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද මෙම බුද්ධ මන්දිරය ඉකුත් දාහත් වැනිදා හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන අය විවෘත කර තිබේ.

පෙරේදා උදෑසන ගිහි පිරිස් සිල් සමාදන් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසු විහාරාධිපති හිමියන් කිසියම් අවශ්‍යතාවයකට අදාළ බුද්ධ මන්දිරයට ගිය විට එහි බුද්ධ ප්‍රතිමාවේ තිබූ ඌර්ණ රෝම ධාතුව අතුරුදහන් වී ඇති බව දැක ඇත.

පසුව විහාරාධිපති හිමියන් වන අසිත හිමියන් ඒ බව මින්නේරි පොලිසියට පැමිණිලි කර තිබේ.

මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(දිවයින)

42.31%
17.27%
32.76%