Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උඩරට වතු ආශ්‍රිතව නිතර ගැවසෙන දිවියන්ගෙන් තම ජීවිතවලට යම් අනතුරක් සිදුවේදැයි යන බියෙන් එම ප්‍රදේශවල ජනතාව නිරතුරුව ජීවත් වෙති.
තේ පඳුරු යට සැඟවී සිටින දිවියන්ගෙන් වතුකම්කරුවන්ට දැඩි අනතුරක් වී ඇති බව ඔවුහු පෙන්වාදෙති.
නවතම සිදුවීම වන්නේ, තේ දළු නෙළන්නෙකුට තේ පඳුරක් යට බල්ලෙකුගේ මළකුණක් කෑමට පැමිණ සිටි දිවියකු විසින් ප්‍රහාරයක් එල්ල කිරීමයි.
මෙවැනිම තවත් සිදුවීමකදී බගවන්තලාව බ්‍රිඩ්වෙල් වත්තේ සේවිකාවක් සිය සේවා ස්ථානයට යමින් සිටියදී දිවියකු විසින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ, වනජීවී බලධාරීන් විසින් දිවියන්ගේ තර්ජනයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමටත්, ගම්වාසීන් විසින් උගුල් අටවා දිවියන් මරා දැමීමෙන් ආරක්ෂා කිරීමටත් ඵලදායී යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.
මේ අතර රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍යවරයා පවසා ඇත්තේ, තේ පඳුරු අතරට දිවියන් නිතර ගැවසෙන්නේ නම්, සේවකයන් කෑ ගසා ඔවුන් බිය ගන්වා පලවා හැරීමට කටයුතු කළ යුතු බවත්, දිවියා නිතරම මිනිසුන් මඟහැර යාමට උත්සාහ කරන සතකු බවත්ය.
කෙසේවෙතත්, දිවියාට රිදවීමට උත්සාහ කළහොත් දිවියා මිනිසුන්ට පහරදෙනු ඇති බවත් හෙතෙම පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart