January 27, 2024

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇති බව වාර්තා වේ.

The Morning පුවත්පතට අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පත්කර ඇති වත්මන් සාමාජිකයන් වෙනුවට ඊයේ මෙම නව පත්කිරීම් සිදු කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම නව පත්වීම් සිදු කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් නුදුරු අනාගතයේදී විකිණීමට රජය සූදානමින් පසුවෙයි.

අලුතින් පත් වූ සාමාජිකයින් පහත පරිදි වේ;

D. D. D. Arandar – ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති

K. A. S. කීරගල – සාමාජික

නීතිඥ දිනේෂ් විදානපතිරණ – සාමාජික

මහාචාර්ය කේ. එම්. ලියනගේ – සාමාජික

D. M. I. S. දිසානායක – සාමාජික

චතුර මොහොට්ටිගෙදර – භාණ්ඩාගාර නියෝජිත

42.31%
17.27%
32.76%