January 27, 2024

2024 වසර ආරම්භයත් සමඟම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන තනතුරුවල වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබේ.

එහිදී දෙපාර්තමේන්තු කිහිපයකම ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිපදෙනකුම ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සහකාර අධිපතිවරුන් ලෙස උසස් කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති තනතුරු 10 ක් තිබෙන අතර ඉන් තනතුරු 4ක් සඳහා කාන්තාවන් පත්කර තිබීම විශේෂත්වයකි. ඩබ්. ඒ. දිල්රුක්ෂිණී, ඩී. එස්. ඩබ්. සමරතුංග, ඊ. එච්. මොහොට්ටි සහ ආර්. ඩී. ටී. ගුණසේකර යන නිලධාරිනියන් මෙලෙස මහ බැංකුවේ නව සහකාර අධිපති ධූර සඳහා පත් වූ කාන්තාවන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවන ඉහළම තනතුර වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධූරය ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු හොබවන අතර අනෙක් නියෝජ්‍ය අධිපති ධූරය දරනු ලබන්නේ කේ. එම්. ඒ. එන්. දවුලගල යි.

42.31%
17.27%
32.76%