January 27, 2024

මිස්ටර් බීස්ට් ලෙසින් වඩාත් ප්‍රකට ජිමී ඩොනල්ඩ්සන් පවසා ඇත්තේ, කලින් ට්විටර් ලෙස හැඳින්වූ X අමාජ මාධ්‍ය වේදිකාවේ පළකරන ලද සිය පළමු සම්පූර්ණ වීඩියෝව වෙනුවෙන් තමාට X සාමගමින් ඩොලර් 263,655 ක් ලැබුණු බවයි.

ඩොනල්ඩ්සන් ඔහුගේ පළමු වීඩියෝව පසුගිය සතියේ X හි පළකළේ වේදිකාවේ කොපමණ දැන්වීම් ආදායමක් උපයා ගැනීමට හැකිවේද යන්න පරීක්ෂා කිරීමටය.

එහෙත් නොසිතූ ආකාරයෙන් එය ව්‍යාප්තවී ගිය අතර, X හරහා පළකරන ලද වීඩියෝව YouTube ලබාගත් නැරඹුම් වාරවලට වඩා මිලියන 150කට වැඩි නැරඹුම් ප්‍රමාණයක් ලබාගෙන ඇත.

ඩොනල්ඩ්සන් සහ ඔහුගේ මිතුරන් ඩොලර් මිලියන 1 සිට ඩොලර් මිලියන 100 දක්වා මිල ගණන් සහිත මෝටර් රථ අනතුරට ලක්කර ධාවනය කරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව, ඔහු මාස ​​හතරකට පෙර යූ ටියුබ් වෙත පළකළ වීඩියෝවක් නැවත උඩුගත(Upload) කිරීමකි.

X ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පසුගිය සැප්තැම්බර් මාසයේ සටහනක් නිකුත් කරමින් කියාසිටියේ, සිය වේදිකාව විසින් නිර්මාණකරුවන්ට ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවයි.