January 27, 2024

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ ජීවිතයට මරු කැඳවමින් සිදුවූ අනතුර සහ තවත් මාරක රිය අනතුරකින් පසුව, අඳුරු කොළඹ කටුනායක අධිවේගී මාර්ගය නැවත ආලෝකමත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය(RDA) සැලසුම් කරයි.

රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ රිය අනතුරු ඇතිවීමට එක් හේතුවක් ලෙස දැන් ‘අඳුර’ හඳුනාගෙන ඇත.

ඒ අනුව, අලුතින් ඇලුමිනියම් සම්ප්‍රේෂණ කේබල් අතුරා අධිවේගී මාර්ගය ආලෝකමත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සුදානම් වෙයි.

කොවිඩ් වසංගතය අතරතුර මෙම මාර්ගයේ විදුලි ආලෝකය සැපැයීම වෙනුවෙන් එළා තිබුණු රුපියල් කෝටි 25ක් පමණ වටිනා තඹ කේබල් සොරුන් විසින් කපාගෙන ගොස් තිබුණු අතර, එතැන් සිට මාර්ගය පැවැතියේ අඳුරේය.

තත්ත්වය පිළිබඳව අදහස් විමසූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි, ගුවන් තොටුපළ හා කොළඹ සම්බන්ධ කරන අධිවේගී මාර්ගය ඔස්සේ විදුලි සම්ප්‍රේෂණය සඳහා ඇලුමිනියම් කේබල් එළීමට RDA තීරණය කළ බවයි.

කෙසේවෙතත්, ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බවත්, මාසයකින් වැඩ නිමකරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%