Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා හෙවත් රෝයල් බීජ් සමන් ඇතුළු පස්දෙනකු පසුගිය සඳුදා (ජනවාරි 22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා හෙරොයින් ළඟ තබාගෙන සිටියදී ගාල්ල වංචාවල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 35 යන වයස්වල පසුවන අතර ඔවුන් ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 09යි මිලිග්රෑම් 300ක්, යතුරුපැදියක්, ජංගම දුරකථන තුනක් සහ පිහියක්ද සොයාගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart