Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මල්වතුහිරිපිටියේ විහාරස්ථානයකදී කලපලුවාවේ ධම්මරතන හිමි, වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නිදන් හෑරීමේ ගනුදෙනුවකට අදාළ මුදලක් නිසි අයුරින් එම කල්ලියට ලබානොදීමේ සිද්ධියක් මුල් කරගෙන බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
ඉකුත් 23 වැනිද අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමියන් දන් වළඳමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසා පැමිණි නාදුනන සිව් දෙනකු ගිනි අවියකින් වෙඩි තබා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයේ නැගී පළාගොස් තිබිණි.
වෙඩිතැබීමෙන් අනතුරුව එම මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවකට රැගෙන විත් ගිනිතබා විනාශ කිරීමෙන් අනතුරුව දෙදෙනකු කඩිමුඩියේ ප්‍රධාන මාර්ගයට පැමිණ පොලිසිය දෙසට පා ගමනින් යන අයුරු දර්ශන පෙළක් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙත මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
වෙඩිතැබීමට නාදුනන පුද්ගලයන් ආ බව කියන මෝටර් රථය එකලස්කර පොලිසියෙන් විමර්ශන තැනූ එකක් බවට පෙරේදා (24) වැනිදා රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කඩුවෙල පොලිසිය සඳහන් කර තිබේ.
වෙඩිතැබීමෙන් අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තිබෙන දේපළ රැසකට හිමිකම් කියතත් බහුතරයක් දේපළ එම භික්ෂුවගේ නමට නොව ඔහු සමීපව ඇසුරු කරන පුද්ගලයකුගේ නමට ලියා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගිනි ගැනීමට ලක්වූ මෝටර් රථය වෙඩි තැබීමට පැමිණි එකමද? නොඑසේ නම් එම මෝටර් රථයට සමාන වෙනත් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබුවාද ? මෙම මෝටර් රථයට ගිනි තැබුවේ පොලිස් විමර්ශන නොමග යැවීමටද? යන්න වැඩිදුරටත් සොයාබැලීම සඳහා නිත්‍ය වාහනය 30 වැනිදාට රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි එම නිලධාරියා පවසයි.
CCTV දර්ශනවල සිටින සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා තිබේ.
හිමිනමට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග සහ උපදෙස් පරිදි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් මෙන්ම මල්වතු හිරිපිටිය පොලිසිය, බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු කණ්ඩායම් කීපයක් ඒකාබද්ධව විමර්ශන සිදුකෙරේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart