January 26, 2024

පුත්තලම ප්‍රදේශයේ පදිංචි හතළිස් අට හැවිරිදි සනත් නිශාන්ත බදාදා ප්‍රමාද වී නිවසින් පිටත්ව ගොස් තිබුණේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශයේ මංගල උත්සව දෙකකට සහභාගී වීමටය.

තම බිරිඳට සහ දරුවන් හතරදෙනාට සමුදෙන විට නැවත කිසිදාක තමන් නොඑන බව ඔහු දැන සිටියේ නැත.

බ්‍රහස්පතින්දා (25) අලුයම 1ට පමණ කටුනායක අධිවේගී මාර්ගයෙන් නිවස බලා යමින් සිටියදී ඔහුගේ Land Cruiser රථය, ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක හැපී මාරක අනතුරකට ලක්විය.

ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් ජයකොඩි සහ සනත් නිශාන්ත එම ස්ථානයේදීම මියගියේය.

පසුව ඔවුන්ගේ සිරුරු රාගම මහ රෝහලට යවා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත 2015 වසරේ පාර්ලිමේන්තුවට තේරීපත්වී වත්මන් රජය යටතේ ජල සම්පාදන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහු රාජපක්ෂවරුන්ගේ දැඩි ආධාරකරුවකු වූ අතර ඔවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සෑම විටම ඉදිරියෙන්ම සිටියේය.

කෙසේවෙතත් දේශපාලනයේ නිරත වූ වසර කිහිපය තුළ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ සලකුණ තැබුවාද?

මෑත වසරවලදී, මැයි 9 වැනි දින ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීම සඳහා ප්‍රතික්‍රියාවක් ඇති කරමින් මැර පිරිසක් මෙහෙය වූ බවට සනත් නිශාන්ත විවේචනයට ලක්විය.

මෙම ප්‍රහාරය කෙතරම් දරුණු වීද යත්, පසුව විරෝධතාකරුවන් පුත්තලම ප්‍රදේශයේ ඔහුගේ නිවෙස ඇතුළු ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනිබත් කිරීමට තරම් හේතු විය.

පසුව ඔහු අවස්ථා කිහිපයකදී අරගලය දැඩි ලෙස විවේචනය කළ අතර බොහෝ විට සමාජ මාධ්‍ය වෙත තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට සහ සමහර අවස්ථාවලදී ඔවුන් සමච්චලයට ලක්කිරීමට කටයුතු කළේය.

මේ මොහොතේ සාමාන්‍ය ජනතාව දුක්විඳින බව තේරුම් ගැනීමට නිශාන්ත අසමත් විය.

විදුලිය, ඉන්ධන, ඖෂධ, ආහාර නොමැතිව සාමාන්‍ය ජනතාවගේ කෝපය සහ මූලික සහන සඳහා ඔවුන්ගේ හදිසි අවශ්‍යතාව පිළිගැනීමට හෝ තේරුම් ගැනීමට නිශාන්ත ඇතුළු කල්ලිය අසමත් විය.

මැයි මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් නිදැල්ලේ තැබීමට ඇතැම් විනිසුරුවරුන් වගකිව යුතු බව ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීමෙන් පසුව නිශාන්තට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල විය.

2018 වසරේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ චෝදනාව මත සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරා නීතිය හමුවට පමුණුවා තිබිණි.

හලාවත මහාධිකරණයේ නඩුව විභාග විය.

සනත් නිශාන්ත බොහෝ වාරයක් පාර්ලිමේන්තුව තුළ ගුටිබැට හුවමාරුවලට ද සම්බන්ධ වූ අතර වරෙක ඔහුගේ නොසන්සුන්කාරී හැසිරීම සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් සමාව ගැනීමට පවා සිදුවිය.

ඔහු සති දෙකක පාර්ලිමේන්තු තහනමකට ද මුහුණ දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට, විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට එරෙහිව ප්‍රධාන ප්‍රශ්න මතු වූ විට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බාධා කරමින් බොහෝ අවස්ථාවල සභා “ළිඳට පැනීම” නිසා ද ඔහු ජනප්‍රිය නොවීය.

නිශාන්තගේ රික්තකය ඔහුගේ පක්ෂයට දැනෙන නමුත් ඔහුගේ දේශපාලන ජීවිතය ඉදිරි වසර ගණනාව තුළ කතාකරන්නට තරම් දෙයක් නොවේ.

කෙසේවෙතත්, ඔහුගේ පාඩුව ඔහුගේ පවුලට සහ දරුවන්ට ජීවිත කාලය පුරාම දැනෙනු ඇත.

අනෙක් සියල්ලන් මෙන්, සැමියකු සහ පියා හදිසියේම අහිමි වූ විට පවුලේ අයට ඔවුන් ජීවත් වන තුරු ඔහුගේ අඩුව දැනෙනු ඇත.

තමන් අමරණීය නොවන බව තේරුම් ගැනීමට දේශපාලනඥයන් බොහෝ විට අසමත් වේ.

එක් දිනක්, ඔවුන්ටද පිටත්ව යෑමට සිදු වන අතර, ඔවුන් එම ගමන යා යුත්තේ තනි තනිව බව තේරුම් ගත යුතුය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමට අසමත් වී ඇත.

ඉදිරි වසර ගණනාව තුළ මතකයේ රැඳෙන අය ද නැත.

මක්නිසාද යත් තේරී පත් වූ පසු ජාතියට මුල්තැන දීමට ඔවුන් අසමත් වන බැවිනි.

(Daily Mirror)

42.31%
17.27%
32.76%