January 25, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ සංශෝධිත පෙත්සමක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

විජිත් මලල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර ඉල්ලා තිබේ.

විනිසුරු මඩුල්ල මීළඟ නඩු විභාගය අප්‍රේල් 30 වැනිදාට නියම කරමින් ශානි අබේසේකරගේ නීතිඥ කණ්ඩායමට දන්වා ඇත්තේ, අදාළ දිනට පෙර සංශෝධිත පෙත්සම ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම 2019 වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වීමෙන් පසු සාධාරණ හේතුවක් නොමැතිව අසාධාරණ ලෙස තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ධුරය වෙත මාරු කළ බවට ඔහු චෝදනා කර තිබේ.

ශානි අබේසේකර පෙත්සමේ සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවන් නිසා ඔහුගේ මූලික මානව හිමිකම් කඩවූ බවයි.

සංශෝධිත පෙත්සම මගින් පොලිස්පතිවරයාගේ තීරණයට එරෙහිව ඔහුගේ නඩුව ශක්තිමත් කිරීම සඳහා අමතර තොරතුරු සහ නීතිමය කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

42.31%
17.27%
32.76%