Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන් තිදෙනා දොරවල් වසන ලද නිවසක් තුළ තනිකර භාරයක් ඉටුකිරීමට ශ්රී පාදස්ථාන වන්දනාවේ ගිය කුලියාපිටිය – දීගල්ල ප්රදේශයේ මාපියන් දෙපළක් කුලියාපිටිය පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ළමුන් තිදෙනා අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවන අතර, පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 ඔස්සේ මහජනතාවගෙන් ලද තොරතුරක් මත ඔවුන් පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ, ඔවුන් වහා වහා එම ස්ථානයට ගොස් දොරවල් කඩා, බියෙන් සහ උණ වැළඳී සිටි ළමුන් තිදෙනා සොයා රෝහල් ගත කළ බවයි.
දරුවන් තිදෙනාට බිස්කට් තොගයක් සහ කෑමට පාන්ද ලබාදී මාපියන් වන්දනාවේ ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
ආපසු පැමිණෙන විට මාපියන් අත්අඩංගුවට ගත් පොලිසිය, ප්රතිකාර ලබමින් සිටින දරුවන් බලාගැනීමට මව තබා ඇත.
සැකකාර මාපියන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart