January 25, 2024

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින නමුත් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ ආර්ථික ප්‍රතිවිපාක රජය විසින් සළකා බැලිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

“විද්‍යුත් වාණිජ්‍යය සම්බන්ධයෙන් මෙම පනත් කෙටුම්පත ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳ අවධානයට ගත යුතුය. ඊ-වාණිජ්‍යය හරහා අපේ තරුණ පරපුර ආර්ථිකයට සම්බන්ධ කර ගත යුතුයි. මෙවැනි නීති සම්පාදනය කිරීමෙන් මෙම අවස්ථා වැළකී යන්න පුළුවන් ,” ඔහු පැවසීය.

“කෙනෙකු අනවශ්‍ය පෝස්ට් එකක් සමාජ මාධ්‍යවල පළ කළ පමණින් ඔබට Facebook සහ යූ ටියුබ් වැනි සේවා සපයන්නන් අපරාධකරුවන් ලෙස සළකන්න බැහැ ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%