January 24, 2024

නාවික ක්‍ෂෙත්‍රයේ අධ්‍යාපනික කටයුතු වල නිරත වූ සිනෙක් ආයතනය ගුවන්සේවා ක්‍ෂෙත්‍රයේ අධ්‍යාපනික කටයුතු ද ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ඊයේ (23) ‘සිනෙක් ඒවේෂන්” අධ්‍යාපනික මධ්‍යස්ථානය වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විවෘත කර තිබේ.

ප්‍රථම අදියර යටතේ ‘සිනෙක් ඒවේෂන්” ආයතනය තෙමසක පාඨමාලා දෙකක් ආරම්භ කරන අතර, ගුවන් සත්කාරක පාඨමාලා සහ ගුවන් තොටුපල හා භූමි මෙහෙයුම් පාඨමාලාව මේ අතරින් සුවිශේෂි වේ.

මෙම පාඨමාලා සඳහා සිසු සිසුවියන් 30 දෙනකු බැගින් බඳවා ගන්නා අතර, පාඨමාලා නිම කරන සිසු සිසුවියන්ට දේශිය හා විදේශිය රැකියා අවස්ථා ලබා දීමට ද සිනෙක් ඒවේෂන් ආයතනය සැලසුම් කර ඇත.

රට ගොඩ නැංවීමට තාරුණ්‍යයෙන් යුතු දාර්ශනිකයන්, ව්‍යවසායකයන් සහ තීරණ ගන්නන් අවශ්‍ය බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනයේ නව උසස් අධ්‍යාපන වැඩපිලිවෙල නිසි ලෙස ක්‍රියාවට නංවා ඇති බවත්, සිනෙක් ඒවේෂන් ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කරුණු දැක්වු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර තිබේ.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ සහ සිනෙක් ආයතනයේ සභාපති අජිත් පීරිස් යන අය ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වී ඇත.

42.31%
17.27%
32.76%