Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හරහා කඩිමුඩියේ ගෙන ඒමට උත්සාහ කරන මර්දනකාරී නව අන්තර්ජාල නීතිය දීර්ඝ සිරදඬුවම් ලබාදිය හැකි, පුළුල් සහ නොපැහැදිලි වැරදි නිර්මාණය කරනු ඇතැයි ප්රමුඛ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයක්වන හියුමන් රයිට්ස් වොච් (HRW) පෙන්වාදෙයි.
නිවේදනයක් නිකුත් කරමින් HRWහි ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මීනක්ෂි ගංගුලි පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව මේ වසර අගදී පාර්ලිමේන්තු මැතිවරණයකට සහ ජනාධිපතිවරණයකට සඳහා සූදානම් වන බැවින් මෙම නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතල තර්ජනයක් වනු ඇති බවයි.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නමින් ඉදිරිපත් කර ඇති මෙම නව නිතිය මගින්, බොහෝ දුරට උත්සුක වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව “මාර්ගගත ආරක්ෂණ කොමිසමක්” හරහා, “අසත්‍ය” හෝ “හානිකර” යනු කුමක්ද යන්න තීරණය කර, සමාජ ජාල අන්තර්ගතයන් ඉවත් කිරීම, අන්තර්ජාල ප්‍රවේශය සීමාකිරීම සහ තහනම් කිරීම මෙන්ම පුද්ගලයන්ට සහ සංවිධානවලට නඩු පැවරීම බව HRW පෙන්වාදෙයි.
අදාළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“කොමිසම විසින් පත් කරන ලද “විශේෂඥයන්ට” සැකකරුවන්ගේ පරිශ්‍රයට ඇතුළු වීමට සහ සෝදිසි කිරීමට බලය දෙනු ලැබේ. නීතිය යටතේ වැරදි සඳහා විශාල දඩ මුදල් සහ වසර පහක් දක්වා සිර දඬුවම් නියම වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැවසුවේ, නීතිය “සියලු ආකාරයේ නීත්‍යානුකූල ප්රකාශනයන් පාහේ අපරාධයක් බවට පත්කළ හැකි අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි බලපෑමක් ඇති කරන පරිසරයක් නිර්මාණය කළ හැකි” බවයි.
Google, Apple සහ Meta වැනි තාක්ෂණික දැවැන්තයන් ඇතුළත්වන ආයතනයක් වන Asia Internet Coalition, මෙම පනත “විසම්මුතිය මැඩලීමේ කුරිරු ක්‍රමයක්” ලෙස නම් කර ඇති අතර එය “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ විභව වර්ධනය අඩපණ කළ හැකි” බවට අනතුරු ඇඟවා තිබේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart