January 24, 2024

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සම්බාහන කටයුතුවල නිරතව සිටින 31 හැවිරිදි කාන්තාවකගේ ATM කාඩ්පත සහ එහි රහස්‍ය අංකය ලියා තිබූ කොළ කැබැල්ල සොරාගෙන රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචාවෙන් ලබාගත්තේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ මුදල් අයකැමි කොල්ලුපිටිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සොරාගත් ATM කාඩ්පත යොදා ගනිමින් අවස්ථාව 16කදී මෙම මුදල් වංචාවෙන් ලබාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පත’ට පවසා තිබේ.

සම්බාහන මධ්‍යස්ථානයේ සේවිකාව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද එම උසස් පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%