January 24, 2024

රවින්චන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් සමී, ජස්ප්‍රිට් බුම්රා සහ සුබ්මන් ගිල් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානවලින් පිදුම් ලබා තිබේ.

2019 – 2020,2021- 2022 ,2023 වසරවලට අදාළව හයිද්‍රාබාද් හි ඊයේ පැවති ඉන්දීය ක්‍රිකට් ආයතන සම්මාන රාත්‍රීයේ දී ඔවුන් මෙම සම්මානවලින් පිදුම් ලැබීය.

මොහොමඩ් සමී 2019 – 2020 – අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)

රවිචන්ද්‍රන් අස්වින් 2020 – 2021 -අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)

ජස්ප්‍රිට් බුම්රා 2021- 2022 – අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)

සුබ්මන් ගිල් 2022 – 2023 – අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන(BCCI)

මීට අමතරව යසස්වි ජයිස්වාල් 2022 – 2023, මයන්ක් අග්‍රවාල් 2019 – 2020, ශ්‍රේයියස් අයියර් 2021-2022 වසරට අදාළව හොදම අන්තර්ජාතික තරග වරම් හිමිකරගත් ක්‍රීඩකයාට හිමි BCCI සම්මානය දිනාගත්හ.

ඉන්දීය කාන්තා කණ්ඩායමේ දිප්ති ෂර්මා (2019-20, 2022-23), වසරට අදාළව හොදම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි BCCI සම්මානය සහ ස්ම්රිත් මන්දනා (2020-21, 2021-22) වසරට අදාළව හොදම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි BCCI සම්මානයෙන් පිදුම් ලැබිණි.

යසස්වි ජයිස්වාල් 2022 – 2023 වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරු ලෙසත්, රවිචන්ද්‍රන් අස්වින් 2022- 2023 වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් පන්දුයවන්නා ලෙසත් BCCI සම්මාන හිමිකර ගත්හ.