January 23, 2024

පසුගිය වසරේ සමාජ මාධ්‍යවල නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සංසරණය වී ඇති බව තමාට වාර්තාවී ඇතැයි
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2023 වසරේදී සයිබර් අපරාධ 8,000ක් පැමිණිලි ලැබී ඇති බවද ඇමතිවරයා හෙළිකළේය.

එසේම, 2024 වසරේ මුල් සති කිහිපය තුළ නිරුවත් ඡායාරූප 500කට අධික සංඛ්‍යාවක් ප්‍රචාරය වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කළේ, මාර්ගගත (ඔන්ලයින්) ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කරමිනි.

පසුගිය වසරේ අන්තර්ජාල ලිංගික අපයෝජන 6,690 ක් ද සිදුවී ඇති බව ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් ආවරණය වන්නේ, අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ, කැරලි ඇති විය හැකි, ආගමික සහ වාර්ගික සංහිඳියාවට බාධා ඇති කළ හැකි ප්‍රකෝප කිරීම් වැළැක්වීමට අදාළ ප්‍රතිපාදන පමණක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%