Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන 31 වැනිදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) නියෝග කර ඇත.
එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.
එම කරුණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර ඇති තවත් පෙත්සම් දෙකක් සළකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට අධිකරණය මේ වන විටත් දින නියම කර ඇති බැවින්, මෙම පෙත්සමත් එදිනම කැඳවන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙරකී මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සමගම මෙම පෙත්සමත් එදිනට කැඳවන ලෙසට නියෝග කර තිබේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනධිපති නීතිඥ ෂමිල් පෙරේරා පෙනී සිටි අතර, එකොළොස්වැනි වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනීසිට ඇත.
එම පෙත්සමට අදාළ නොතිසි තමන් වෙත ලැබුණේ පෙර දිනයේදී වන බැවින්, ලබන 31 වැනිදා සළකා බැලීමේ දිනයක් ලෙස නොව කැඳවීමේ දිනයක් ලෙස කැඳවීමට දින නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකොන්ට අමතරව නීතිපතිවරයා, කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවද නම්කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart