January 22, 2024

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කළ 2023 වසරේ ⁣ලෝක කාන්තා පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රිඩිකා චමරි අතපත්තුට හිමිව තිබේ.

ඇය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා සහ කණ්ඩායම ජයග්‍රහණ සදහා රැ⁣⁣⁣ගෙන යෑම සදහා කටයුතු කිරීම සැළකිල්ලට ගෙන ⁣2023 වසරේ ⁣ලෝක කාන්තා පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය චමරිට ලබාදීමට ICCය කටයුතු කර ඇත.

එම කණ්ඩායමට ඉන්දියාවේන් ඇතුළත්ව ඇත්තේ දිප්ති ෂර්මා පමණි.

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ 04 දෙනකු, එංගලන්තයෙන් 02කු , නවසීලන්තයෙන් , දකුණු අප්‍රිකාවෙන්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලින් එක් ක්‍රිඩිකාවක බැගින් එම ලෝක කණ්ඩායමට නම් කර තිබේ.