Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක කල්ලියක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් දුරකථන ඇමතුම් ලබාදී පුද්ගලයන් රවටා පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් කප්පම් ගැනීමට උත්සාහ කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ, තමන් පොලිස් නිලධාරීන් යැයි වංචනික ලෙස පවසා, මුදල් ඉල්ලා විවිධ පුද්ගලයන්ට ලබාදුන් ඇමතුම් සම්බන්ධයෙන් විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
“මුල්ලේරිය සහ නවගමුව ප්‍රදේශවල පිහිටි නිවාසවල ස්ථාවර දුරකථන ඉලක්ක කරගනිමින් මෙම ඇමතුම් ලබාදී තිබෙනවා. මෙම සංවිධානාත්මක කල්ලිය අනෙකුත් ප්‍රදේශවලටද මෙවැනිම ඇමතුම් ලබාදීමට ඉඩ තිබෙනවා. පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටින මෙම පුද්ගලයන් යම් යම් අපරාධවලට සම්බන්ධ බවටද වාර්තා වෙනවා.”
පාස්කු ප්‍රහාරයේ සැකකාර සහරාන් සම්බන්ධ පරීක්ෂණ පිළිබඳවද සඳහන් කරමින් ජනතාව බියගැන්වීමට මෙම කණ්ඩායම කටයුතු කරන බවද පොලිසිය පවසයි.
අදාළ පරීක්ෂණවලට දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයන් සම්බන්ධ බවත්, ඔවුන් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා මුදල් ලබාදෙන ලෙස මෙම කණ්ඩායම ඉල්ලා සිටින බවත් පෙන්වාදෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙම ඇමතුම් ලද කිහිපදෙනකු අදාළ පුද්ගලයන්ට ඊසි කෑෂ් මාර්ගයෙන් මුදල් ලබාදී ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart