January 21, 2024

භාණ්ඩ මත වැට් බද්ද සම්බන්ධයෙන් පවතින වැරදි මතය නිරාකරණය නොකළහොත් දිවයින පුරා වැට් බද්ද රහිත වෙළෙඳසැල් හඳුන්වාදීමට රජය අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

පාරිභෝගික භාණ්ඩ සියල්ල මත වැට් බද්ද අයකරන බවට ජනතාව තුළ වැරදි මතයක් පවතින බවත්, එය මිල ඉහළ යෑමට හේතුව බවත් ඇමැතිවරයා පවසයි.

වැට් බද්දෙන් තොර වෙළෙඳසැල් පිහිටුවීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් සුදුසු ස්ථාන තෝරා ගැනීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට දැනටමත් උපදෙස් ලබාදී ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ අනුව තරඟකාරී සහ සාධාරණ වෙළඳ කටයුතුවල නිරතවීමට සූදානම්වූවන් සඳහා එළවළු, සහල්, ළදරු කිරිපිටි වැනි වැට් බදු නොවන ද්‍රව්‍ය සඳහා කඩ සාප්පු ජාලයක් රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%