January 21, 2024

ඔංචිල්ලාවක ලණුවක් ගෙලේ සිර වීමෙන් වයස අවුරුදු 10ක දරුවෙක් මරණයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, මුලතිව් – සෙම්මලෙයි ප්‍රදේශයේ දරුවකු බව මුලතිව් – කෝකිලායි පොලිසිය පවසයි.

ප්‍රසාන්ත් දනෝෂ් නමැති දරුවකු ඔංචිලි පදිමින් සිටි අවස්ථාවේ ලණුව ගෙලේ සිරවීමෙන් මරණයට පත්ව ඇත.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ පැවැත්වීමට නියමිතය.

42.31%
17.27%
32.76%