January 21, 2024

අද (21) පැවැති ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නිලවරණයේදී, එම පක්ෂයේ නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් තේරී පත් වූ බව වාර්තා වේ.

මාවෙයි සේනාධිරාජා මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ (TNA) ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි හි නායකයා ලෙස කටයුතු කළේය.

ශිවඥානම් ශ්‍රීධරන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයකු ලෙස යාපනය දිස්ත්‍රික්කයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලදී ඔහු නැවත තේරී පත්විය.

42.31%
17.27%
32.76%