January 21, 2024

ආගම්වලට හානි වන ආකාරයේ විකෘති ආගමික ඉගැන්වීම් පතුරුවා හරින පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි ලැබෙනතුරු බලා නොසිට විමර්ශන ආයතන පියවර ගත යුතු බව නීතිපති සංජය රාජරත්නම් අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය පොලිස්පති (DIG) රොහාන් ප්‍රේමරත්න පසුගියදා හමුවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව පවසා ඇත.

පැමිණිල්ලක් එනතෙක් බලා සිටිනවාට වඩා, විමර්ශන ආයතන එවැනි සිදුවීම් ගැන දැනගත් වහාම ක්‍රියාත්මක විය යුතු බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, එම සිද්ධීන් සම්බන්ධයෙන් සාක්‍ෂි දිය හැකි සාක්ෂිකරුවන් සොයා අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝග ලබාගෙන විකෘති ආගමික ඉගැන්වීම් පතුරවන්නන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආයතනවලට උපදෙස් දී ඇත.

මහා නාහිමිවරුන් රජයට කරන ලද කරුණු දැක්වීම් අනුව මෙම උපදෙස් ලබා දී තිබේ.

42.31%
17.27%
32.76%