Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කැනඩාවට ගෙන යන මුවාවෙන් ඉන්දියාවට මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරිපූරක චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් මෑතකදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඉම්රාන් ඛාන් හෙවත් ඉම්රාන්ට සහ සැඟවී සිටි සීනි ආබුල් ඛාන්, මොහොමඩ් ඉබ්රාහිම් නොහොත් අහමඩ් සහ පුදුමාඩම් ඉම්රාන් නොහොත් හජියාර් නොහොත් ඉම්රාන් ඛාන් යන අයට ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ ජාවාරම්, සිරගත කිරීම් සහ කුමන්ත්‍රණ පිළිබඳ වගන්ති යටතේ බැංගලෝර්හි විශේෂ අධිකරණයක් හමුවේ චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇත.
කැනඩාවට රැගෙන යන බවට ව්‍යාජ පොරොන්දු දී ශ්‍රී ලාංකිකයන් 39 දෙනා තමිල්නාඩුව හරහා මංගලුරු වෙත රැගෙන යෑමේ ජාවාරමට සැකකරුවන් සම්බන්ධ වී ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ නිවේදනයේ සඳහන් වේ.
වින්දිතයන් මංගලුරුවල විවිධ ලැගුම්හල්වල සිරකර සිටියදී කර්නාටක පොලිසිය විසින් මුලින් අත්අඩංගුවට ගනු ලැබුවේ, චූදිතයන් සමඟ හවුල්කරුවන් ලෙස බව එහි සඳහන් වේ.
“ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් 2021 ජූලි 13 වැනි දින නඩුව භාර ගැනීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් 39 දෙනා මිනිස් ජාවාරම් වළල්ලකට ගොදුරු වූවන් බව සොයාගැනුණා” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
ඒජන්සිය විසින් 2021 ඔක්තෝබර් 5 වැනි දින මෙම නඩුවේ මුල් චෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ ජාවාරමට සම්බන්ධ විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව වන අතර වින්දිතයන් නිදහස් කර ආපසු ගෙදර යවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මොහොමඩ් ඉම්රාන් ඛාන්, පුදුමාඩම් ඉම්රාන් සහ ඔහුගේ මිතුරන් වන සීනි ආබුල් ඛාන් සහ මොහොමඩ් ඉබ්රාහිම් සමඟ එක්ව, මුහුද මැදදී ශ්‍රී ලාංකිකයන් පිළිගෙන ඔවුන්ව බෙංගාලූරුවට සහ මංගලුරු වෙත ගෙන ආ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වැඩිදුර විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ මෙම නඩුවේ සැඟවී සිටින එක් විත්තිකරුවකු වන ශ්‍රී ලාංකික ඊසාන් සමඟ පුදුමාඩම් ඉම්රාන් සම්පූර්ණ මූලික කුමන්ත්‍රණය සැලසුම් කර ඇති බවයි.
විත්තිකරු විසින් වලංගු විදේශ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර සහිතව කැනඩාවට රැගෙන යන බවට ව්‍යාජ පොරොන්දුවක් ලබා දී වින්දිතයන්ගෙන් සහ පසුව ඔවුන්ගේ පවුල්වලින් ද විශාල මුදලක් එකතු කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart