Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩසටහනක් සඳහා පැමිණි ජල සම්පාදන රාජ්ය ඇමැති සනත් නිශාන්ත ප්රදේශයේ ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආපසු හැරී ගියේය.
මේ සිද්ධිය වී ඇත්තේ ඊයේ (19) සවස 1.00ට පමණය.
රාජ්ය ඇමැතිවරයා දළුව මංසන්ධියේ රැඳී සිටිය දී ප්රදේශවාසීන් පිරිසක් තම ගම්මානයට නොපැමිණ ලෙස පවසමින් ඔහුට දිගින් දිගටම විරෝධය දක්වා තිබේ.
තම ගම්මානයේ මෙතෙක් කිසිදු සංවර්ධන වැඩසටහනක් ක්රියාත්මක වී නැති බවත්, ගංවතුරින් තම වගාවන් පවා විනාශ වෙද්දී ඒ පිළිබඳ කිසිදු දේශපාලනඥයකු පැමිණ සොයා නොබැලූ බවට ගම්වාසීහු චෝදනා කළහ.
කිසිදු දේශපාලනඥයකුට තම ගම්මානයට පැමිණීමට ඉඩ නොතබන බවද ඔවුහු තරයේ කියා සිටියහ.
දළුව නිර්මලපුර දේවස්ථානයේ රැස්වීම් ශාලාව ද දේශපාලනඥයන්ට තහනම් බව පැවසූ ජනතාව සංවර්ධන වැඩක් ගමට කිරීමට වුවමනා නම්, ඒ සදහා රාජ්ය නිලධාරින් පමණක් පැමිණීම ප්රමාණවත් බව සඳහන් කළේය.
රාජ්ය නිලධාරීන්ට කිසිදු ලෙසකින් සංවර්ධන කටයුතු සඳහා පැමිණීමට බාධාවක් නොමැති බව ගම්වාසීහු පැවැසුහ.
නොරොච්චෝල පොලිසියේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු රාජ්ය ඇමැතිවරයාගේ ආරක්ෂාවට දළුව හන්දියට යතුරු පැදියකින් පැමිණ සිටින ආකාරය ද දැකගත හැකි විය.
රාජ්ය ඇමැතිවරයා තමන් පැමිණි වාහනයෙන් බැස, වෙනත් වාහනයක නැගී නැවතත් දළුවට ගමන් කිරීමට සූදානම් වුවත්, අදාළ රැස්වීම පැවති ස්ථානයේ සිටි පිරිස් ගම්මානයට කිසිදු ලෙසකින් නොඑන ලෙසට දිගින් දිගටම කළ විරෝධය හේතුවෙන් සනත් නිශාන්ත ආපසු හැරී ගියේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart