January 20, 2024

බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පිළිගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උගන්ඩාවේ පැවති නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායකයන්ගේ 19 වැනි සමුළුව අමතමිනි.

එක්සත් ජාතීන්ගේ යෝජනා සහ නොබැඳි ව්‍යාපාරයේ ප්‍රකාශය සමඟ පෙළගැසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගාසා තීරයේ ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් සිදු නොවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව ද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ .2023 ඔක්‌තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 24,620ක්‌ මිය ගොස්‌ සහ තවත් 61,830ක්‌ තුවාල ලබා ඇති පසුබිමකයි.

42.31%
17.27%
32.76%