January 19, 2024

ප්‍රීමා ආයතනය සඳහා තිරිඟු පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය කරන අතරතුර, රාගම හා ජා ඇල දුම්රිය ස්ථාන අතර දී, එම එංජිමේ රෝද දෙකක් පිලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ඉහළ මාර්ගය අවහිරව වීමෙන් කොළඹ සිට පුත්තලම දෙස ධාවනය වන දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ දී ප්‍රමාද වේ.

මේ වන විට එම එංජිම පිලීගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානය වෙත ලඟා වී ඇත.

42.31%
17.27%
32.76%