January 18, 2024

2024 ජනවාරි 22 සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ නගරයේ රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා භාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඒ අනුව වැරදිකරුවන්ට නඩු පැවරීමට සීසීටීවී කැමරා උපයෝගී කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානයට යවන බවද වැඩබලන පොලිස්පති තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%