Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝර්ටන් පෙදෙස මාර්ගය පොන්නම්බලම් අරුණාචලම් මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව විසින් කරන ලද යෝජනාවට ප්රදේශවාසීන් දැඩි විරෝධය පළකරන බව වාර්තා වේ.
වරක් කොළඹ නගරාධිපතිවරයාව සිටි ඕමාර් කාමිල් කියාසිටියේ මාර්ගය යළි නම් කිරීමට එරෙහිව විරෝධතා ඇත්නම් දන්වන ලෙස ප්රදේශවාසීන්ට දැනුම්දීමක් කර ඇති බවයි.
“මහ නගර සභාව විසින් බෙදාහරින ලද දැන්වීමේ සඳහන් වන්නේ මාර්ගයේ නම වෙනස් කිරීම සඳහා සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇති බවයි. නමුත් වසරකට පෙර සභාව ක්රියා විරහිත වී ඇති අවස්ථාවක යෝජනාවක් සම්මත කළේ ඇයි දැයි ඕනෑම කෙනෙකුට ප්රශ්නයක් මතුවෙනවා,” කාමිල් පැවසීය.
කොළඹ මහ නගර සභාවේ පරිපාලන සීමාව තුළ කුරුඳුවත්තට අයත් C.W.W. කන්නන්ගර මාවතේ වරිපනම් අංක 75 සිට හෝර්ටන් පෙදෙසේ වරිපනම් අංක 75 දක්වා සහ හෝර්ටන් පෙදෙසේ වරිපනම් අංක 11 සහ 120 අතර ප්රදේශය පොන්නම්බලම් අරුණාචලම් මාවත ලෙස නම්කිරීමට කොළඹ මහ නගර සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇති බව ප්රදේශවාසීන් වෙත බෙදාහරින ලද නිවේදනයේ දැක්වේ.
“පොන්නම්බලම් අරුණාචලම් ඇවනියු කියලා මාවතක් ළඟම තියෙද්දී මේ පාර ඒ නමින් නම්කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. මෙය හෝර්ටන් පෙදෙසෙන් ඔබ්බෙන් පිහිටි කුඩා මාවතක්” යැයි කමිල් වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්රී ෂර්මිලා ගෝනවල කියා සිටියේ, සභාව ක්රියාත්මක වූ දිනවල එවැනි යෝජනාවක් සභාවට ඉදිරිපත් නොවූ බවයි.
“හෝර්ටන් ප්රදේශයේ පදිංචි සමහර කාන්තාවන් මට කිහිපවතාවක්ම කතා කරලා මේක නවත්වන්න කියලා ඉල්ලීම් කළා. ඔවුන් පවසන්නේ මාර්ගයේ නම වෙනස් කිරීමත් සමග ඔවුන්ගේ විවිධ ලියකියවිලි වෙනස්කර ගැනීමට ද සිදුවීම කරදරයක් බවයි,”ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart