January 18, 2024

අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින සියලුම අනධ්‍යයන වෘත්තීය සමිති තීරණය කර ඇති බව දැනුම්දී තිබේ.

– විශ්වවිද්‍යාල වැටුප් විෂමතා නොවිසඳීම

– ප්‍රවාහන ගාස්තු ප්‍රතිලාභ ප්‍රතිස්ථාපනය කිරීම

– ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලය සඳහා නොකඩවා අඩු අරමුදල් සැපයීම

ආදී හේතු ගණනාවක් මෙම වර්ජනය ආරම්භ කිරීමට හේතු වී ඇත.

ඒ අනුව, MCA මූලික වැටුපෙන් 25%කින් වැඩි කිරීම, වැටුප් විෂමතා 107%කින් නිවැරදි කිරීම වැනි ඉල්ලීම් අවධාරණය කරමින් මෙම සංකේත වැඩවර්ජනය අද ක්‍රියාත්මක කරන බවට වාර්තා වේ.

42.31%
17.27%
32.76%