January 17, 2024

පවතින තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ රජය පාසල් අධ්‍යාපනයට වැයකරන මුදලට වඩා සියයට 30ක් උපකාරක පන්ති සඳහා මාපියන්ට වැයකිරීමට සිදුව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

දෙහිඕවිට ප්‍රදේශයේ පාසලක ඊයේ පැවැති රැස්වීමක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, අද වන විට උපකාරක පන්ති ගාස්තු රටේ අත්‍යවශ්‍ය වියදමක් බවට පත්ව ඇති බවයි.

“සාමාන්‍යයෙන් ළමයෙක් ටියුෂන් සඳහා රුපියල් 20,000ක් වැය කරනවා. අපේ රටේ පවුල් මිලියන 5.7ක් ඉන්නවා, දෙමව්පියෝ රුපියල් බිලියන 121ත් 122ත් අතර මුදලක් ටියුෂන් සඳහා වැය කරනවා.

රජය 2024 වසර සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 546ක් වෙන් කර තිබෙනවා. මුළු අධ්‍යාපන වියදමෙන් රුපියල් බිලියන 402ක් රටේ පාසල් අධ්‍යාපනයට වෙන් කළා. උපකාරක පන්තිවලට ජනතාවගේ වියදම් එකතු කළේ නැහැ. අපේ රටේ උද්ධමනය ඉහළ යෑම ගැන සොයා බලන්න කණ්ඩායමක් පත්කර තිබෙනවා.”

42.31%
17.27%
32.76%