Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අත්තනෝමතික බවත් නීතියෙන් වලංගු නොවන බවත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේය.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පිළිපදිමින්, දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමට ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මේ අතර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
2011 ඔක්තෝබර් 08 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 04 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්, 2016 සැප්තැම්බර් 08 වැනිදා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.
දුමින්ද සිල්වාට 2021 දී ජනාධිපති සමාව ලබාදීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අද සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart