January 16, 2024

ශ්‍රී ලංකා ටෙලිකොම්හි රජය සතු සියයට 50.23ක කොටස් ලබාගැනීමට මේ වන විට ඉන්දියානු සහ චීන සමාගම් අතර විශාල තරගයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඒකකය (SRU) නිවේදනය කර ඇත්තේ, ඉන්දියාවේ ගුජරාට්හි Jio Platforms Ltd, Gortune International Investment Holding Ltd, c/o Capital Alliance Ltd සහ Pettigo Comercio International LDA, c/o NDB Investment Bank Ltd ඔවුන්ගේ ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

Jio යනු ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යය වන රිලයන්ස් සමූහයේ කොටසක් වේ.

Brokerage BofA විසින් Jio Platforms හි තක්සේරුව ඩොලර් බිලියන 107ක් ලෙස තක්සේරු කර ඇත.

Gortune International Investment Holding යනු චීනයේ දකුණු කේන්ද්‍රස්ථානය වන Guangdong පළාතෙන් පිටත පෞද්ගලික කොටස් සමාගමකි.

Pettigo Comercio International සමාගම ශ්‍රී ලංකාවේ උපත ලද අල්ලිරාජා සුබාස්කරන්ට අයත් UK හි Lyca සමූහයට අයත් වේ. එම සමාගම LYCAMOBILE සහ LycaFly යන වෙළඳ ලකුණු හිමි සමාගමකි.

අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සීහි රජය සතු කොටස් බෙදාහැරීමේ ගනුදෙනු උපදේශක ආයතනය ලෙස ක්‍රියා කරයි.

විශේෂයෙන් මෙම ඉන්දීය සහ චීන සමාගම් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් ම්ලදී ගැනීම සඳහා දැඩි තරගයක නිරතවන බව වර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%