Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට නව ක්‍රමවේදයක් වන වායුසමීකරණ විජලනය පද්ධතිය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද අඩු ලුණු, කරවල සහ උම්බලකඩ පළමු කාණ්ඩය අපනයනය කර ඇත.
සාම්ප්‍රදායික ක්‍රමයට අනුව වෙරළේ මසුන් අව්වේ වේලීමේ ක්‍රමයෙන් ඉවත්ව, මාළුවා ‘වායු තත්ත්වයේ විජලනය’ භාවිතයෙන් වියළා ගැනීමට හෝ සැකැසීමට නව තාක්ෂණය උපකාරීවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
”මෙම ක්‍රමය මඟින් අපට මිනිස් පරිභෝජනයට ඉතා සුදුසු කරවල නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකිය. එමගින් රටට අවශ්‍ය විදේශ විනිමය අපට ලැබෙනවා.” හෙතෙම පවසයි.
මෙම ක්‍රමය මගින් මත්ස්‍ය තෙල් රඳවා ගන්නා බැවින් නිෂ්පාදනය කරන කරවලවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතින බව ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම නව විජලනය කිරීමේ ක්‍රමය මෙරට තවත් නිෂ්පාදන කිහිපයක් සඳහා ද භාවිත කළ හැකි බවයි ඔහු පෙන්වාදෙයි.
මේ අතර, දකුණු පළාතේ පහජ්ජාව ප්‍රදේශයේ මෙගා ෆිෂ් (Megafish) සමාගම විසින් නව තාක්ෂණය යොදාගනිමින් කරවල සහ මාළු කැබලි කිලෝග්‍රෑම් 10,000ක ප්‍රථම කන්ටේනරය අපනයනය කිරීම පෙරේදා (14) සිදු කර ඇත.
මෙරට නිෂ්පාදනය කරන කරවල සහ උම්බලකඩ තොගය ඕස්ට්‍රේලියාවට සහ කොරියාවට අපනයනය කෙරෙන අතර එය ශ්‍රී ලංකාව සිදුකරන පළමු අපනයනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart