Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා මෙහෙයුම්වලදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන රාජකාරියට දිගින් දිගටම පොලිසිය බාධා කිරීමේ සිද්ධීන් සහ වැරදි සන්නිවේදන අවස්ථා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී වැඩබලන පොලිස්පතිවරයා වෙත කරුණු දැක්වීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය සති අන්තයේ පුත්තලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බීඩි කොළ ලොරි රථයක් රැගෙන යමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනකු නිකවැරටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කුරුණෑගලදී මීට අදාළ නවතම ගැටලුව මතුව තිබේ.
ඉරිදා අලුයම පුත්තලම සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එහි තිබී කිලෝග්‍රෑම් 2583කට අධික බරැති බීඩි කොළ තොගයක් සොයාගැනීමට හැකි විය.
ලොරි රථයේ රියදුරු සමඟ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි දෙදෙනකු වැටළීමකදී නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගත් බව කියන සුරාබදු පරීක්ෂකවරයකු සහ සුරාබදු කෝප්‍රල්වරයකු ලෙසට හඳුනාගෙන තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුරාබදු පියාසර බලකා විශේෂ මෙහෙයුම් කාර්යාංශයට අනුයුක්තව සේවය කළ සුරාබදු නිලධාරීන් දෙදෙනා පොලිසියට පැහැදිලි කර ඇත්තේ, තමන් පුත්තලමේදී තම කණ්ඩායම සමඟ මෙහෙයුමක් සිදුකර කුරුණෑගල පිහිටි තම කාර්යාලයට නීති විරෝධී භාණ්ඩ රැගෙන යමින් සිටි බවයි.
කෙසේ වෙතත්, පොලිසිය ඉරිදා සවස පුද්ගලයන් තිදෙනා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලොරි රියදුරු අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, සුරාබදු නිලධාරීන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත්ය.
එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරු සහ සුරාබදු නිලධාරීන් දෙදෙනාට අද යළි අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඩේලි මිරර් වෙත කියා ඇත්තේ, පොලිසිය සිය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවත්, ඔවුන් හඳුනාගෙන තත්ත්වය පැහැදිලි කිරීමට ඔහු උත්සාහ කළද කිසිදු සහයෝගයක් නොදැක්වූ බවත්ය.
එමෙන්ම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකවැරටිය පොලිස් ස්ථානාධිපතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය කිසිවකු විසින් භාර නොගැනීම නිසා එය ව්‍යර්ථ වූ බව සුරාබදු නිලධාරියා පවසා ඇත.
පොලිසිය රටේ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම නිසා ඔවුන්ගේ රාජකාරිය ව්‍යාකූලත්වයට හා බාධාවකට තුඩු දෙන බැවින් මෙය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතින බව ඔහු පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart