January 16, 2024

ඉන්ධන හල්වලින් ඉන්ධන විකිණීමේදී සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් වෙනුවෙන් වැට් බදු ගෙවීමට ඉන්ධනහල් හිමියන්ට සිදුවී තිබෙන බැවින් ඉදිරියේදි සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියාසිටී.

ඉන්ධනහල් හිමියන්ට ලැබෙන සියයට තුනකටත් වඩා අඩු කොමිස් මුදලින් අදාළ වැට් බදු ද ගෙවා වැට් පනතට අනුකුලව බිල්පත් නිකුත්කිරිම, සැකසීම සහ මාසික වාර්තා ඉදිපත් කිරිම ආදී කටයුතු කරන්නේ කෙසේද යන්න ගැටලුවක් වී ඇති බැවින්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, කළමණාකාර අධ්‍යක්ෂක සහ ඛනිජ තෙල් රාජ්‍ය ඇමැති ඩී.වි චානකගෙන් ද මෙම අර්බුදය විසඳීමට සාකච්ඡාවක් සදහා ඉල්ලිමක් කර ඇතත් එ සදහා සාධනීය පිලිතුරක් නොලද බැවින් ඉදිරියේදී ඛනිජ තෙල් කර්මාන්තය කඩාවැටීම වැලැක්විය නොහැකි වනු ඇති බව පැවැසේ.

වැට් බදු පනතට අතරමැද බෙදුම්කරුවන් එම බද්දට යටත් කිරීම ආසාධාරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසති.

දැනට මෙරට තෙල් ව්‍යාපාරයට එක්ව සිටින සයිනොපෙක් හා ඉන්දියන් තෙල් සමාගමට අයත් ඉන්ධන හල්වලට ණය පදනම මත ඉන්ධන ලබාදෙන බවත්, අමතර වට්ටම් ඇතුළු බොහෝ පහසුකම් හිමිව ඇතැයි ද ඔවුහු පවසති.

එහෙත් තෙල් සංස්ථාවට අයත් සිපෙට්කො ඉන්ධන හල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාගෙන වැට් බද්ද ද ගෙවා අනිකුත් සියලුම කාර්යන් ඉටුකිරිමේ හැකියාවක් නැතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවෝ වැඩිදුරටත් කියාසිටති.