January 16, 2024

ශ්‍රේණි ගණනාවක සෞඛ්‍ය අංශ සේවකයන් අද දිනයේ සංවිධානය කරන දීපව්‍යාප්ත වැඩවර්ජනය අසාධාරණ ලෙස හංවඩු ගසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි ස්ථාවරයක සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියාසිටියේ, විරෝධතාවයේ නිරත වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති වැටුප් ඉල්ලීම්වලින් 50%ක් මේ වන විට ඉටුකර ඇති බවයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් DAT දීමනාව පිළිබඳ මතභේදාත්මක ගැටලුව සම්බන්ධයෙන් කරුණු දක්වමින් වෛද්‍ය අලුත්ගේ අනාවරණය කළේ, මේ වන විට වෛද්‍යවරුන් විසින් ඉල්ලා ඇති වැටුප් වර්ධකයෙන් 15%ක් පමණක් ලැබී ඇති බවයි.

රජය ඉල්ලීම්වලින් අඩක් ඉටු කළද, විරෝධතාවයේ නිරත සෞඛ්‍ය සේවකයන් වැටුප් වැඩිකරන ලෙස දිගින් දිගටම බලපෑම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ඔවුන්ගේ ඉල්ලීම වුණේ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 20,000 කින් වැඩිකරන ලෙසයි. ඔවුන්ට රු.10,000 මේ වන විට ලැබනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම්වලින් 50%ක් ලැබී ඉවරයි කියන එක”.

රජයේ සේවයේ ද්විතීයික සහ ප්‍රාථමික ශ්‍රේණිවල බහුතරයේ තත්ත්වය හුවා දක්වමින්, ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ වෛද්‍යවරුන් හා සැසඳීමේදී, වෛද්‍ය අලුත්ගේ විරෝධතාවයේ නිරත සෞඛ්‍ය සේවකයන්ව තවදුරටත් විවේචනය කළේය.

අද දිනයේ සංවිධානය කෙරෙන දීපව්‍යාප්ත වැඩවර්ජනයට සමස්ත ලංකා හෙද සංගමය සහභාගී වීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට අද දිනයේ දිවා ආහාර වේලාවේ රජයේ රෝහල් ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම තීරණය කර ඇත.

42.31%
17.27%
32.76%