Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිවානයේ ජනාධිපතිවරයා ලෙස විලියම් ලායි තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිබඳ සිය ස්ථාවරය යළිත් අවධාරණය කර තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කළේ, තායිවානයේ මැතිවරණය සාමකාමීව අවසන් වීම පිළිබඳ ශ්‍රී ලංකාව සතුටට පත්වන බවයි.
“තායිවානයේ මැතිවරණය සාමකාමීව අවසන් වීම ගැන සතුටුයි. ශ්‍රී ලංකාව එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනීසිටීමේ සහ එය තහවුරු කිරීමේ ස්ථීරව සිටිනවා. චීනය සමගි සම්පන්නව යළි එක්සත් වීම අපි අපේක්ෂා කරනවා,” යැයි ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා පැවසීය.
තායිවානයේ ජනාධිපතිවරණය චීනය කෝපයට පත්කර ඇති අතර, ප්‍රතිඵල නිකුත් වීමෙන් ටික වේලාවකට පසු ‘තායිවානය චීනයේ කොටසක්’ බව අවධාරණය කරමින් චීනය ප්‍රකාශයක් නිකුත් කළේය.
බීජිනය ‘සාමකාමී යළි එක්වීම’ සඳහා තායිවානයට ආමන්ත්‍රණය ඇති අතර, ඔවුන් බලය යෙදවීම පිළිබඳ අදහස ද බැහැර කර නැත.
තායිවාන මැතිවරණය චීනය විසින් හඳුන්වා දී තිබුණේ ‘යුද්ධය සහ සාමය’ අතර තේරීමක් ලෙසයි.
චීනය මෑත මාස කිහිපය තුළ තායිවානය වටා සිය මිලිටරි බලය වැඩි කර ඇති අතර, එය ඇතිවිය හැකි ගැටුමක් පිළිබඳ භීතිය වැඩිකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart