Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ කඩිනම් මෙහෙයුමකදී දෙහිවල ප්‍රදේශයේ අන්තර්ජාල ණය ලබාදීමේ මධ්‍යස්ථානයක් වටළා චීන ජාතිකයන් පස්දෙනකු සහ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකළ මෙම වංචාව අනාවරණ වී ඇත්තේ පැමිණිල්ලක් මත සිදුකරන ලද වැටළීමකදීය.
නිලධාරීන් එම පරිශ්‍රයෙන් ඩෙස්ක්ටොප් පරිගණක 08ක්, ලැප්ටොප් පරිගණක දහතුන13ක් සහ ජංගම දුරකථන 41ක් සිය භාරයට ගෙන රාජසන්තක කර ඇති අතර, සැළකිව යුතු පරිමාණයේ ක්‍රියාකාරකම් මෙහි සිදුව ඇති බවට සැක පළ වී තිබේ.
මෙම ඔන්ලයින් ණය මධ්‍යස්ථානයට හෝ ඒ හා සමාන වංචාවට ගොදුරු වූ ඕනෑම අයෙක් ඉදිරිපත් වී පැමිණිල්ලක් ගොනුකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජනතාවට ණය මෝරුන්ගෙන් එල්ල වන තර්ජන පිළිබඳ සොයා බලන ලෙසයි.
පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස කියා සිටියේබංකොලොත් රාජ්‍යය සූරාකෑම සඳහා අන්තර්ජාල ණය සේවා කිහිපයක් දේශීය වෙළඳපොළට ඇතුළු වී අහිංසක මහජනතාවට බර පටවමින් සිටින බවයි.
මෙම ඔන්ලයින් ණය සේවා බොහොමයක් ක්‍රියාත්මක කරන්නේ විදේශිකයන් විසින් බව පැවසූ ඔහු, මෙම ණය මෝරුන් ණය සඳහා 300% කට ආසන්න අධික පොලී අනුපාත අය කරමින් පවතින බව පැවසීය.
“ඔවුන් ණය මුදල හෝ පොලී නියමිත කාලය තුළ ආපසු ගෙවීමට නොහැකි නම්, ඔවුන් ණය ලබා ගන්නා අයගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් හරහා බ්ලැක්මේල් කිරීමට සහ අපහාස කිරීමට කටයුතු කරන බවත් හෙළි වී තිබෙනවා. අනියම් සබඳතා කියාගෙන, පවුල් කඩන තැනට පවා යනවා,” යැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart