January 15, 2024

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් Reliance Industries සමාගමේ ටෙලිකොම් අංශය වන Jio Platforms,මෙරට රජය සතු විදුලි සංදේශ සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම්හි කොටස් මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ.

මූල්‍යමය වශයෙන් පීඩනයට පත් මෙරට රජය මුදල් රැස්කිරීම සඳහා ආර්ථිකයේ අංශ කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 10 වැනිදා සිට අනාගත ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා තිබිණි.

ජනවාරි 12 වැනි දින අවසන් දිනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය විසින් ජන =මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ Jio Platforms, Gortune International Investment Holding Ltd, සහ Pettigo Comercio International LDA සම්භාවිතාවක් සහිත ලංසුකරුවන් තිදෙනා ලෙස නම්කරන බවයි.

ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසායන් බෙදාහැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශයන්ට අනුව එම යෝජනා ඇගයීමට ලක්කෙරෙනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

පාඩු ලබන අංශ පෞද්ගලීකරණයට යොමුකරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් මගින් ද ශ්‍රී ලංකාවට නියම කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟින් අසල්වැසි වෙළඳපොළේ උපායමාර්ගික අඩිතාලමක් දැමීමට Jio Platforms බලා සිටී.

මුල්‍ය තක්සේරු ආයතනයක් වන Brokerage BofA විසින් Jio Platformsහි තක්සේරුව ඩොලර් බිලියන 107ක් ලෙස තක්සේරු කර ඇත.